
අද මම ලියන්නේ Outlook Express වලින් ඔබේ Gmail Account පාවිචි කරන හැටි. Outlook Express ගැන ඕන කෙනෙක් දන්නවනේ ඒක නිසා ඒ ගැන කියන්න ඕනේ නෑ කියලා මම හිතනවා. Gmail වල New Interface එක Lood වෙන්න slow ඉතින් ඇති වෙනවා. ඔය කේස් එක නිසා මම Outlook express වලින් මගේ Gmail Account පාවිචි කරන්න හිතුවා. Mail Account එකකට වඩා ගොඩක් බාවිතා කරන්නත් පුලුවන්. නැත්තම් Account එකෙන් එකට යන්න ඕනේනේ . Mail බලන්න වගේම යවන්න හරිම ලේසි. මම ඔයාලට කියලා දෙන්නම්
මුලින්ම ඔබේ Pc එකේ. Stats - All Programs ගිහින් Outlook express Open කරගන්න.
ර්‍රට පස්සේ Outlook express වල tool Menu එක select කරලා එකේ Account select කරන්න.
නව Window එකක් එවි internet Account කියලා එකේ. Add select කරලා Mail select කරන්න.

දැන් තව Window එකක් එයි Internet Connection Wizard කියලා ඒකේ Name එක ඉල්ලනවා ඒකට කැමති නමක් ලබා දිලා Next ඔබන්න.
ර්‍රලගට ලැබෙන Window එකේ ඔබේ Gmail address එක දාලා. Next ඔබන්න.

ර්‍රලගට ලැබෙන Window එකේ. ඔබේ. incoming mail (POP3.IMAP or HTTP) Server හා Outgoing mail (SMTP) Server සදහන් කල යුතුයි.
incoming mail වලට pop.gmail.com කියලා ලබා දෙන්න.
Outgoing mail වලට smtp.gmail.com කියලා ලබා දීලා Next ඔබන්න.

ර්‍රලගට ලැබෙන Window එකේ ඔබේ E-mail ලිපිනය හා Password දාන්න ඕනේ. Account Name කියන තැනට E-mail ලිපිනයද , Password කියන තැනට Password ලබා දීලා Remember Password කියන එකත් ක්ලික් කරලා. Next කරලා Finish ඔබන්න.

internet Account Window එකේ ඇති දැන් pop.gmail.com කියන එක Highlight කරන්න ර්‍රට පස්සේ Properties Clik කරන්න. කරලා Advanced යන්න.

Advanced වල Server Port Numbers වල
Outgoing mail (SMTP) වලට 465 ලෙස සදහන් කරන්න.
incoming mail (POP3) වලට 995 ලෙස සදහන් කරන්න.

දැන් Servers යන්න එකේ. My Server requires authentication කියන එක් ක්ලික් කරලා ok කරන්න. දැන් Pc එකේ හැම දේම හදලා ඉවරයි.

දැන් යන්න ඕනේ ඔයාගේ Gmail Settings වලට. ර්‍රට පස්සේ Forwarding and POP/IMAP වලට යන්න. එකේ POP Download: වල Enable POP for all mail (even mail that's already been downloaded) ක්ලික් කරන්න.
IMAP Access: වල Enable IMAP ක්ලික් කරලා Save කරන්න. දැන් ඔක්කොම කරලා ඉවරයි. Outlook express වලින් Mail බලනවනම් Outlook express වල තියෙන Send and Receive All ඔබන්න.
ඉස්සෙල්ලම ක්‍රියාත්මක කරනකොට ඔයාගේ Gmail Account එකේ floder වල තියෙන ඔක්කොම Mail Outlook express වලට එනවා. ඒකත් හොදයි gmail වල ඉඩ අඩු වෙලා තියෙන කෙනෙකුට එහෙම. ( Gtalk Chat කරනවත් Gmail Account යන්න ඕනේ නෑ ඒකට මේ Software එකනේ මම පාවිචි කරන්නේ. http://www.google.com/talk/ )
මේ විදියට Gmail විතරක් නෙමෙයි ඕනම E-mail Account එකක් Outlook express වැඩ කරන්න පුලුවන්. අනිත් එක ඔයාට Gmail Account ගොඩක් හෝ වෙනත් Account තිබුනත් Outlook express වලින් ඒ ඔකොම බාවිතා කරන්න පුලුවන්. එකක් විතරක් නෙමෙයි.

8 Comment:
එල මචන්. ගොඩක් වටිනවා.
පැතුම් [සිතුම් පැතුම්] @ ස්තුතිය Commnet එකට
good
thx
පලමු වෙනි Anonymous @ ස්තුතිය Commnet එකට
දෙවනි Anonymous @ ස්තුතිය Commnet එකට
yahoo walatath wada karanwada
Fenster Computers @ ඕනම Mail සේවාවක් මෙහෙම පුලුවන්. එත් Yahoo එකේ මේ සේවාව ලබා ගන්න Mail Plus කියන එකට ඔයාගේ Account upgrade කරන්න ඕනේ. මාසෙට $ 2 යනවා. මෙහෙම කියලා තියෙන්නේ Mail Account එකේ Options වල තියෙන Pop and Forwarding කියන තැන ස්තුතිය Commnet එකට.
Post a Comment
Commnet එකක් දාලා යන්න හිතුන ඔබට ස්තුතිය
Commnet එකක් දාලා යන ගමන් ඉදිරියේදි මෙතන පලවන Commnet E-mail වලින් ගෙන්වා ගන්න පහත තියෙන Subscribe by email කියන එක ඔබන්න. අමතක කරන්න එපා.